5/28/08

කොටි මාධ්‍ය ප්‍රජාතන්ත්‍ර දමිලුන්ට තර්ජනය කරයි

ඔස්ලො නුවර පදිංචිව සිටින කොටි කාණු මාධ්‍ය නායක නඩරාජා සෙතුරුපන් හෙවත් කුණු සේතු කොටි සංවිධානය විවේචනය කරන්නන්ට අනියම් අයුරින් මරණීය තර්ජනය කර තිබේ. ඔහුගේ වෙබ් අඩවියහි නවතම පුවතහි දමිල මානව හිමිකාරණියක් මෙන්ම ලේඛිකාවක් වන රාජෙස් බාලසුබ්රමනියම්ට 2008 මැයි 13 දින යාපනයේදී කොටිවිසින් ඝාතනය කළ මහේස්වරී වේලායුදන්ගේ ඉරණම සම්බන්ධ කර ඇත.

නායක කොටින් අරමුදල් රැස්කිරීමේ දුබල කම ගැන අසතුටින්


ටොරන්ටො - ෆෙඩරල් නියෝජිතයන් විසින් දමිල කොටි ත්‍රස්තයන් විසින් කරගන යනු ලැබූ මහා පරිමාණ අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරයක තවත් තොරතුරු අඩංගු ලිපි අනාවරණය කිරීමට යෙදුනි. ඒ අතර ත්‍රස්ත නායකයන් "විශාල මුදලක්" අවැසි බැව් පැවසු ලිපිද ඇතුලත්ය.

පොලිස් ලිපි ගොනු මගින් ෆෙඩරල් උසාවිය හෙලි කරගන ඇත්තේ දමිල කොටි ත්‍රස්තයන් විසින් කැනෙඩියානු උදව් සපයන්නන් මගින් රැස් කරගන්නා අරමුදල් හරහා මිලේඡ්ච යුද්ධය කරනගෙන යන බවය. නමුත් නවතම තොරතුරු පවසන ආකාරයට කැනඩාවෙන් බලාපොරොත්තු වුන තරම් අධාර නොලැබිම නිසා කොටි නායකයින් අසතුටින් සිට බව පැවසේ. එක ප්‍රකාශයනයක අනුව දෙටු කොටි නායකයකු චෝදනා කරන්නේ කැනේඩියානුවන්ගේ සටන සඳහා සහය ප්‍රමාණවත් නොවන බවයි.

කැනෙඩියානු දමිල ත්‍රස්ත ක්‍රියාකාරීන් තුන් දෙනෙකු පවසන්නේ කර්නල් සුසෛ නැමැති මුහුදු කොටි ත්‍රස්ත නායකයා පිටු 12 ක වාර්තාවක් එවමින් "එංගලන්තය සහ කැනඩාවේ මඳ වු ක්‍රියාකාරකම්" ගැන කළකිරී ඇති බව පවසයි. මෙම වාර්තාව දමිල කොටි ත්‍රස්තයන් විසින් අල්ලාගන සිටින පෙදෙසක පැවත්වූ සමුලුවක රපෝර්තුවක් වන අතර එහි එතෙර වෙසෙන අය විසින් දෙනු ලැබූ "බොහෝ පොරොන්දු කල්පිතයන්ව අවසන්ව යන බව" පැවසේ. මෙම සමුලුවට එතෙර නියෝජිතයන් 22 ක් සහභාගී වී ඇති බවත් ඉන් තිදෙනෙක් කැනෙඩියානුවන් බවත් ඔවුන් ශකිරා මහත්මිය, ක්ෂේවීයර් මහතා සහ සිතම්පරනාදන් මහතා බව සඳහන් වන අතර කාදිරවේලුපිල්ලේ සිදම්බරනාදන් යනු ලෝක දමිල සංවිධානයේ මොන්ට්‍රියල් කාරක සබාවේ සභාපති බවද පැවසේ. (ඡායාරුපයද අත් අඩංගුවට ගත් ලේඛණ අතර විය, මෙය කොටින් විසින් ලමා සොල්දාදුවන් පුහුණු කරන බවට බලවත් සාධකයකි).

5/27/08

තවත් කොටි හපුවන් දෙදෙනෙකු පැරිස් පොලිස් දැලේ

මැයි 13 වෙනිදා ප්‍රංශ පොලිසිය විසින් තවත් දමිල ඊලාම් කොටි ත්‍රස්තවාදීන් දෙදෙනෙකු අත් අඩංගුව‌ට ගන්නා ලදි. මොවුන් පසු ගිය අවුරුද්දේ පැරීසියේ සිදු කළ මහා පරිමාණ වැටලීමේදි පැනගිය අය බව සැලකේ. මොවුන් නාමිකව සුබ්රමනියම් මුහුන්දන සහ යෝගරාසා සිවරාසන් වන අතර කොටි බියවද්දන් සඳහා අරමුදල් රැස් කිරීමේ පළමු පෙලේ නායකයන්ද වන බව සැලයි.

මීට පෙරද ත්‍රස්තයින් 19 දෙනෙකු අත් අඩංගුවට ගැනීමත ප්‍රංශ පොලිසිය සමත් වූ අතර මූලික පරීක්ෂණ වලින් පසුව ඉන් 5 දෙනෙකු නිදහස් කර යැවුනි.

ශ්‍රී ලංකා ජනපති කොටි බියවද්දන්ට එරෙහිව යුද්ධය නොනවත්වන බවට සපථ වෙයි


කොලඹ (AFP පුවත්) - කොටි ත්‍රස්තවාදීන් මර්ධනය කරනතුරු යුද්ධමය ක්‍රියාදාමය කරගෙන යන බව ත්‍රස්තවාදීන් විසින් දුම්රියක් තුල බෝම්බයක් පුපුරවා 9 මරණයට පත් කර 84 තුවාල සිදුකළ දිනට පසු දින වූ ඊයේ, ශ්‍රී ලංකා ජනාධිපති පවසන ලදි.

5/26/08

කොටි ත්‍රස්තයන්ට මුදල් රැස් කිරීම ගැන කැනෙඩියානුවෙකු චුදිත වෙයි.

වැන්කුවර්, කැනෙඩියානු ඉතිහාසයේ පළමු වරට ත්‍රස්තවාදීන්ට මුදල් රැස්කර අයෙක් චෝදනාවට ලක් වී ඇත. ඔහු විසින් මුදල් රැස්කර ඇත්තේ කැනඩාවේ තහනම් කර ඇති කොටි ත්‍රස්තයන් උදෙසාය.

ටොරන්ටො නුවර වසන ප්‍රපාහරන් (ප්‍රපා) තම්බිතුරෛයි (45) නැමැත්තා වැන්කුවර් නුවරදී, ත්‍රස්තවාදී අභිමතාර්ථ උදෙසා සේවා සැපයීම වෙනුවෙන් මෙම චෝදනාවට ලක් වී ඇත.

පොලිසිය පවසන ආකාරයට මෙම අරමුදල් වැන්කුවර්හි වෙසන ශ්‍රී ලාංකික ජනතාව 6,000 - 8,000 ක පමණ දෙනෙකුගෙන් රැස් කර ඇත.

බියවද්දන්නන් දෙහිවල මිනී මරති

අවම වශයෙන් 9 දෙනෙකු මරණයට පත් කොට 62 ආසන්න අහිංසක සිවිල් ජනතාව මරණයට පත් කරමින් කොටි බියවද්දන් විසින් ඊයේ (26) මගි දුම්රියක් තුල බෝම්බයක් පිපිරවීය. මිය ගිය අය අතර ගැබිණි මාතාවක් පවා සිටි බව දුටුවෝ පවසති.

කොටින්ගේ ස්ථාන වලට බෝම්බ දැමීමෙන් සහ ගොඩ බිම සටන් වලින් 22ක් මරා දැමු බැව් මිලිටේරිය පවසයි.

(AP පුවත් ඇසුරින්)

සතුරු බලකොටු අවට ගොඩ බිම සටන් වලදී සතුරන් 21සහ එක් සෙබලකු මිය යෑමෙන් දිනකට පසු අද දින (සඳු දින) ගුවන් හමුදා හෙලිකොප්ටර මඟින් සතුරු ස්ථානවලට බෝම්බ දැමු බව හමුදාවෝ පවසති.

උතුරු මන්නාරම දිස්තිරික්කයහි අඳුන්වැව (ආන්දන් කුලම්) පෙදසෙහි වු සතුරු තැනක් ඉලක්ක කොට පාබල හමුදාවන්ට ශක්තියක් විම සඳහා මෙම පහරදීම සිදුකළ අතර සතුරු ස්ථානයට වු අලාබහානි සබැඳිව තොරතුරු අනාවරණය වී නොමැති බැව් හමුදා නිවේදනයකින් කියවේ.