5/28/08

නායක කොටින් අරමුදල් රැස්කිරීමේ දුබල කම ගැන අසතුටින්


ටොරන්ටො - ෆෙඩරල් නියෝජිතයන් විසින් දමිල කොටි ත්‍රස්තයන් විසින් කරගන යනු ලැබූ මහා පරිමාණ අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරයක තවත් තොරතුරු අඩංගු ලිපි අනාවරණය කිරීමට යෙදුනි. ඒ අතර ත්‍රස්ත නායකයන් "විශාල මුදලක්" අවැසි බැව් පැවසු ලිපිද ඇතුලත්ය.

පොලිස් ලිපි ගොනු මගින් ෆෙඩරල් උසාවිය හෙලි කරගන ඇත්තේ දමිල කොටි ත්‍රස්තයන් විසින් කැනෙඩියානු උදව් සපයන්නන් මගින් රැස් කරගන්නා අරමුදල් හරහා මිලේඡ්ච යුද්ධය කරනගෙන යන බවය. නමුත් නවතම තොරතුරු පවසන ආකාරයට කැනඩාවෙන් බලාපොරොත්තු වුන තරම් අධාර නොලැබිම නිසා කොටි නායකයින් අසතුටින් සිට බව පැවසේ. එක ප්‍රකාශයනයක අනුව දෙටු කොටි නායකයකු චෝදනා කරන්නේ කැනේඩියානුවන්ගේ සටන සඳහා සහය ප්‍රමාණවත් නොවන බවයි.

කැනෙඩියානු දමිල ත්‍රස්ත ක්‍රියාකාරීන් තුන් දෙනෙකු පවසන්නේ කර්නල් සුසෛ නැමැති මුහුදු කොටි ත්‍රස්ත නායකයා පිටු 12 ක වාර්තාවක් එවමින් "එංගලන්තය සහ කැනඩාවේ මඳ වු ක්‍රියාකාරකම්" ගැන කළකිරී ඇති බව පවසයි. මෙම වාර්තාව දමිල කොටි ත්‍රස්තයන් විසින් අල්ලාගන සිටින පෙදෙසක පැවත්වූ සමුලුවක රපෝර්තුවක් වන අතර එහි එතෙර වෙසෙන අය විසින් දෙනු ලැබූ "බොහෝ පොරොන්දු කල්පිතයන්ව අවසන්ව යන බව" පැවසේ. මෙම සමුලුවට එතෙර නියෝජිතයන් 22 ක් සහභාගී වී ඇති බවත් ඉන් තිදෙනෙක් කැනෙඩියානුවන් බවත් ඔවුන් ශකිරා මහත්මිය, ක්ෂේවීයර් මහතා සහ සිතම්පරනාදන් මහතා බව සඳහන් වන අතර කාදිරවේලුපිල්ලේ සිදම්බරනාදන් යනු ලෝක දමිල සංවිධානයේ මොන්ට්‍රියල් කාරක සබාවේ සභාපති බවද පැවසේ. (ඡායාරුපයද අත් අඩංගුවට ගත් ලේඛණ අතර විය, මෙය කොටින් විසින් ලමා සොල්දාදුවන් පුහුණු කරන බවට බලවත් සාධකයකි).

No comments: