7/22/08

කොටියෝ විරාමයක් ඉල්ලති

දෙමල කොටි ත්‍රස්තයෝ තනි පසෙකින් සටන් විරාමයක් පල කර සිටිති. මෙවර ඔවුන් ආවරණයට ගෙන ඇත්තේ සාර්ක් සමුළුවයි. මොවුන්ගේ මේ ආවරණ ගැනීම කවදා නතර වේවිද? යුද්ධයේදී ඔවුන් අහිංසක සිවිල් ජනයා ආවරණයට ගනී. මුදල් රැස්කීරීමේදී රාජ්‍ය නොවන සංවිධාන ආවරණයට ගනිති.
මෙම විරාමයෙන් ඔවුන් කියන්නේ කුමක්ද? ඔවුන් සාර්ක් සමුළුවට සුභ පතන බවද? කලාපීය ත්‍රස්තවාදයට වැට බැඳුමට එක් වන සාර්ක් සමුළුවට කොටින්ගෙන් සුබ පැතුම්‍!
කොටින්ගේ විහිළු නවතින දා කවරදා ද?

7/16/08

ත්‍රස්වාදයට උඩගෙඩි දීම ගැන ඔස්ට්‍රේලියානුවෙකු අත් අඩංගුවට

මෙල්බො(ර්)න් වෙළඳ පාසලේ අධ්‍යක්ෂකයෙකු දෙමළ කොටි හා සම්බන්ධකම් පැවත්වීම ගැන ඇමරිකානු බලධාරීන්ගේ ඉල්ලීම උඩ ඔස්ට්‍රෙලියානු පොලිසිය විසින් සිරභාරයට ගෙන ඇත. "The Australian" පුවත් පත පැවසුවේ තුලසිදරන් සන්දිරරාජා නැමැති 34 හැවිරිදි මොහුව ඇමරිකාව කරා යැවීමට නියමිත බවය.
තවද මෙල්බො(ර්)න් ජාත්‍යන්තර පාසල හැරුනකොට නැරේ වොරන්, ඩන්‍ඩෙනොන්ග් සහ ලිස්ටර්ෆීල්ඩ් යන පෙදෙස්වල වෙලෙඳ ආයතන 5ක්ද ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් වටලන ලද බව මෙම පුවත් පත පවසයි.
ශ්‍රී ලංකාවට සටන් කිරීමට සිදුව ඇත්තේ හුදු යුඳ පෙරමුණෙහි පමණක් නොව මෙවැනි මුළු ලොව පුරාම විසිරී පැතිරී ගිය අති විසල් ත්‍රස්ත ජාලයක් සමඟ බව මෙයින් පැහැදිලිය. ඇත්තෙන්ම මෙම යුද්‍ධය මෙහෙයවනු ලබන්නේ ඔවුහු වෙති. නමුදු පෙරමුණෙහි මිය යන්නේ අහිංසක දෙමළුන්ගේ දරුවන් වේ. ගුවන් විදුලි සංස්ථාව (රෙදෙව් සංස්ථාව) විසින් විකාශණය කෙරෙන "ඉතායවීනායි" වැඩසටහන අසනු ලැබුවහොත් පොඩ්ඩු අම්මාන්ගේ ගුහාවට ගෙන යන දෙමළුන්ගේ නිදහස වෙනුවෙන් සටන් වදින සංවිධාන කොටින්ගෙන් අසරණ දෙමළුන් බේරා ගන්නේ කවදාද?

7/14/08

මරන්නා සහ මැරෙන්නෝ

හිට්ලර්ගේ නාසි වාදයෙන් මිය ගියෝ කොපමණද? ඒ නාසි වාදය ගැන ගුණ වනන්නෝ දැන් කොහි වෙත්. එපරිදින්ම කොටි නාසි වාදයෙන් මියෙන්නෝ සහ මිය ගියෝ කොපමණ වෙත්ද? කොටි ත්‍රස්තයන් තහනමට ලක් කළ ඉංගිරිසි රටේම පැවති කොටි හිතවාදි රැලියක පින්තූර දුටු මා හට සිතුනේද එයමැයි. මේ රුදුරු සිතුවිලි තව කෙතරම් ජීවිත බිලි ගනු ඇත්ද? තව කොපමණ දෙනෙකුට උන් හිටි තැන් අහිමි වනු ඇතිද? මෙතෙක් කල් පුද කළ ජීවිත වලින් මේ මෝඩ කොටි ලබා ඇත්තේ කුමක්ද? උන් සැමදා මිය ගිය අය ගැන ගී ගයමින් ඔවුනගේ පින්තූර වලට පහන් පත්තු කරමින් සිටිනු ඇත. කුඩා වුන්ගේ සෙල්ලම් පිටියේ ඔංචිලි වලට තුවක්කු වල අනුරූ සවි කරනු ඇත. ඔබ තමයි නිභය කොටියා යැයි කියනු ඇත. ඇත්ත දැන ගැනීමට මැදි වියක් ඔවුහු නොලබනු ඇත. හැත්තෑ හැවිරිදි අයෙකු වුවද, පොල්ලක් ගෙන රැකවෙලහි යොදවනු ඇත. පාසලෙහි, වැඩපොලෙහි, කඩපොලෙහි පොඩ්ඩු ගේ රහස් ඔත්තු කාරයෝ රැදී, ඇගේ අමාරුවට පාලනයට දොස් කිවහොත්, දස වද දී ප්‍රශ්න කරනු ඇත.

නමුත් ලන්ඩනයේ සිටින මොවුහු කුමක් දනීද? ඔවුන් ගේ කුඩා දරුවාගේ මුහුණේ කොටි මුහුණක් ඇඳගෙන ආ මේ මව්පියෝ මේ දරුවා බලහත්කාරයෙන් ගෙන ගොස් යුධ පෙරමුණට දමනට ඉඩ දෙනු ඇතිද? නාසි වාදයෙත්, ඊලාම් වාදයේත් වෙනස කිම?

7/11/08

ත්‍රස්ත කොටින්ට අවිජාවාරම් කළ ඉන්දුනිසියානු යුද්‍ධ හමුදා ජෙනරාල් හිරේ

විශ්‍රාමික ඉන්දුනිසියානු මැරයින් බලකායේ ජෙනරාල් වරයෙකු අවුරුදු 30කට හිරේ ගියේ අමෙරිකානු ආණ්ඩුව ත්‍රස්තයන් යැයි තහනම් කොට ඇති දෙමල කොටි උදෙසා ඩොලර කෝටි ගණන් වටිනා අධි-සිල්පීය අවි ජාවාරමක් බැල්ටිමො(ර්)හිදී මෙහෙයවීම සබඳිවයි.

එරික් වොටුලෝ නැමැති 61 හැවිරිදි මෙම මහමොලකරුවා ඇමරිකානු දිස්තිරික්ක නඩුකාරිනියක වන කැතෙරින් සී බ්ලේක් විසින් පෙඩරල බන්ධනාගාරය වෙත යවනු ලැබිණි.

7/9/08

වවුනිමාවේදී ගැටී ත්‍රස්ත කොටි 8ක් මරුමුවට, තව 10ක් තුවාලයි

වවුනිමාවේ පලාමොටේ පෙදෙසේදී ලඞ්‍කා බළමුළු සමඟ ගැටී අසරණ කොටි 8ක් මියගොස් 10ක් පමණ තුවාල වී ඇති බව සැලය. ජුලි නම වෙනිදා උදයේ 7 පැයට පමණ මෙම ගැටුම ඇරඹී ඇති අතර එය සවස 1600 පැය පමණ දක්වා දිගු වී ඇත.
නවතම ආරංචි පවසන්නේ කොටි බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පෙදෙසෙයන්හි වයස 50 දක්වා දිවෙන සියළුම අයවලුන් දින 10ක පුහුණුවකට යටත් විය යුතු බවය. තවද දැන් 1990 ඉපැදුනු සැවෝටම ත්‍රස්තයන් සමඟ එක් විය හැකි බැව් ඔවුන් පරසිඳු කොට තිබේ. එබැවින් ගෙන් ගෙට පැන බලහත්කාරයෙන් අසරණ දරුවන් පැහැරගෙන යාම කඩිනම් කොට තිබෙන බවක් ආරංචි මඟවල් පවසති. පුහුණුවට ගිය පසු පැන යාමේ අදිටන් ඇතිව මොවුන් කොටින් සමඟ ගියත් පසුව සිදුවන තද මොල සේදීමේදී මිනිසත් දිවිය ප්‍රාණය ඇතිව තොරවෙයි. "නුඹ මෙහි පැමිණ ඇත්තේ දැය උදෙසා දිවි දීමටයි. නුඹ අද නොමලත් තව සති ගණනකින් කෙසේ වෙතුදු මැරීමට නියමිතයි. එබැවින් ඇයි දැන් නොමැරෙන්නේ?"
මේ දිනවල වැඩියෙන් මිය යන්නේ මෙලෙස බලහත්කාරයෙන් බදවාගත් අසරණයෝය. තුවාල වූවන් කළු වීදුරු සහිත රිය මඟින් ගිරානික්ක (කිලිනොච්චි) රෝහලට ගෙනැවිත් දමති. යන්තම් කොර ගහමින් ඇවිදිය හැක්කෝ ගෙන ගොස් නැවත යුධ අගල් වල දමති.
එබැවින් මෙවැනි දුක්බර දිවිගෙවන පැන යා නොහැකි කොටියෝ අසරණයෝ ලෙස හැදින්වීමද වැරදිද?

7/8/08

කොටි හපුයියෝ අසරණ ගොදුරු ගන්නායුරු

ඌරන් සහ හරකුන් මැරීමට උන් මෝරන වසය එනතෙක් බලා හිදින මස් මරන්නා මෙන් කොටියෝ ද අවුරුදු 17 පිරෙන තෙක් ලමයින් සිටින නිවෙස් වට කැරකැවෙමින් සිටින බව කියැවේ. අවුරුදු 17 පිරී දවස් දෙක තුන ගත වෙද්දී කොටියෝ ගෙට වදිති. බලහත්කාරයෙන් යුඳට ගෙන යති. මෙම අසරණ දරුවන් ගේ මළ කදන් ගනන් කරමින්, ඒ ගැන සිංදු හදමින් උදම් වන්නේ දැයට ආදරැති මොන නායකයාද? මොන දෙමව්පියන්ද? ඔබේ දරුවා බලහත්කාරයෙන් ගෙදරින් අරන් ගියහොත් මොන තරම් වේදනාවක් ඔබට ඇති වේද? ඒ හැඟුමට ජාතියක් නැහැ නේද?
පසුපති නැමැති ග්‍රාම නිළධාරියා කොටින් ට කීවේ තමාගේ දූ වරු දෙදෙනා රැගෙන නොයන ලෙසය. ඒ වෙනුවට ඔහුට කොටින් හා එක්‍ විය හැකි බැව්‍ කීවේය. රුදුරු කොටියෝද එකඟ වූහ. ඔහු සංවිධානයට බැදුනු පසු ඔහුගේ දූ වරුද කොටින් පැහැර ගත්හ. එපමණක් නොව "අර බලන්න! කෙතරම්‍ උගත් රජයේ නිලධාරියෙකු වන පසුපතිට ත් අප හා එක් වීමට හැකි නම් ඇයි උඹට බැරි?" යැයි තවකෙකුගෙන් ඇසීමට අවස්ථාවක්ද කොටියෝ ඇති කර ගත්හ.
(ඇසුර යාපනය සරසවි ඇඳුරන්ගේ මනුස්ස අයිතීන් පිළිබඳ එකතුව)

කළු කොටි හපුවන්ගේ දිනයට පිරබාහරන් ගොයියාට සිංදු එකතු

දෙමල කොටි දැඩි හිතැති ටැමිල්නෙට් යැයි කුපකට වෙබය පසු ගිය දා අමුතුම සිදුවීමක් පල කළේය. එනම් කළු කොටියන්ගේ දිවිය තොර කර ගැනීමේ සතුටට සිංදු එකතුවන් නිකුත් කිරීමයි. දැන් දැන් කොටි රහස් තොරතුරු දැලේ නායක පොඩ්ඩු අම්මාන්, මුහුදු කොටි (මුන් නම් කෙදිනකවත් ඔබට කකුල් හතරකින් දැකිය නොහැක) නායක සුසෛ, සහ කොටි පොලිස් නායක නඩේසන් යන අය සිංදු එකතූන් (ඇල්බම) කොටි නායක පිරබාහරන්ට පිළිගැන්වීමයි. උතුරේ අහිංසක දෙමළුන්ට මොවුන් ගයන සිංදුවෙන් කවදා ගැලවීමක් ලැබේද? අපි අපේ දෙස් පාලුවන්ගෙන් අසන සිංදුවට වඩා එය ශාරීරිකව අපහසු බව මිසක් වෙන වෙනසක් එහි නැත.

ත්‍රස්ත ලැදි දෙමළුන් පෙරහර කරති

කැනෙඩියානු පුවත් පතක් වන නැෂනල් පෝස්ට් හි කතු මඬුල්ල ඉහත කී සිරැසකින් ලිපියක් පල කොට ඇත.
2006 වසරේදී ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරනු ලැබූ දෙමල කොටින් ට ආධාර එකතු කිරීමේ පෙරමුණක් ලෙස ක්‍රියා කිරීමේ වරදට ඔටාවා හි RMCP මඟින් ලෝක දෙමල ව්‍යාපාරය තහනම් කිරීමට විරුද්‍ධව පසු ගිය සති අන්තයේ දහස් ගණනක දෙමළුන් පිරිසක් ටොරොන්ටෝ උයනට රැස් වූහ.

කැනෙඩියානු දේශපාලකයින් කුඩා ජනවර්ගිකයන් ගේ ඡන්ද උදෙසා අප්‍රසන්න හේතුවකට වුවද ප්‍රාදේශීයව එකතු වීමට තරම් දුබල කොදු ඇට පෙලකින් යුක්ත වන බව මෙම පුවත් පත පැවසීම මෙහිදී ඉමහත් වෙසසක් වේ.

7/2/08

දෙමල කොටි, කලු කොටින් ඉහලින් සැමරීමට ලන්ඩනයේ පොන්ගු තමිල් උළෙලක් සංවිධානය කරති

ත්‍රස්ත කොටින්ට මුදල් රැස් කිරීම වස් ලන්ඩන් නුවර පොන්ගු තමිල් උළෙලක් ජූලි මස 12 වෙනි දින ප.ව. 3 ට පවත්වා මරාගෙන මැරෙන කළු කොටින්ගේ පුරාජේරුව පෙන්වීමට එහි වසන ත්‍රස්ත කොටින් ලැහැස්තිව ඇත. බිරිතානිය තුල විදෙස් ත්‍රස්ත සංවිධානයක් ලෙස දෙමල කොටි සංවිධානය තහනම් කොට ඇතත් මෙය සිදු කිරීමට එරෙහිව කිසිදු මැදිහත් වීමක් එරට රජය සිදු කරන බවක් නොපෙනේ. මෙලෙස යුරෝපයේ සියළුම අග නගරයන් හි මෙවැනි උළෙල පවත්වා විදෙස් දෙමල ප්‍රජාව අතර පහල බසිමින් තිබෙන ජනප්‍රියත්වය ඉහල නැංවීම සහ ආධාර එකතු කිරීම මෙහි අග්‍ර අරමුණ වී තිබේ.

7/1/08

ලඞ්කා හමුදාවෝ දෙමල කොටි කඳවුරු වෙත බෝම්බ දමති

දෙමල කොටි ත්‍රස්තයන් ගේ නාවික මූලයකට සහ ගුවන් මූලයකට ඊයේ (02) බෝම්බ දැමූ බව හමුදා ආරංචි අනුව සැලයි. තවද ගොඩබිම සටන් වලින් ත්‍රස්තයන් 20 දෙනෙකු මරු මුවට යැවූ බවද කියවේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර පැවසුවේ මුහුදු කොටි කඳවුර සඳු දින රැයේත් කොටි ගුවන් කඳවුර කුජ දින පාන්දරත් විනාශ කළ බවය.

දෙමල කොටි ත්‍රස්තයන් ගේ කාලය තව කිහිප දවසක් පමණක් බව යුධ හමුදාපති කියයි

2006 වසරේ අගෝස්තු මස සිට වෙහෙසගත හමුදා උපක්‍රම නිසා ගතානුගතික හමුදාවක ඇති යුද හැකියාවන් සියල්ල දෙමල කොටි ත්‍රස්තයන් ගෙන් ගිලිහී ඇති බව ශ්‍රි ලංකා යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

යුධ හමුදා මූලස්ථානයේ පැවති ශ්‍රී ලංකාවේ විදෙස් වාර්තා කරුවන් ගේ සංගමයේ සාමාජිකයන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව පැවසූ අතර දැන් දෙමල කොටි සංවිධානය "නිකම්‍ම කඩමලු ත්‍රස්ත කල්ලියක්" පමණක් බවත් ඔහු පැවසීය.