7/14/08

මරන්නා සහ මැරෙන්නෝ

හිට්ලර්ගේ නාසි වාදයෙන් මිය ගියෝ කොපමණද? ඒ නාසි වාදය ගැන ගුණ වනන්නෝ දැන් කොහි වෙත්. එපරිදින්ම කොටි නාසි වාදයෙන් මියෙන්නෝ සහ මිය ගියෝ කොපමණ වෙත්ද? කොටි ත්‍රස්තයන් තහනමට ලක් කළ ඉංගිරිසි රටේම පැවති කොටි හිතවාදි රැලියක පින්තූර දුටු මා හට සිතුනේද එයමැයි. මේ රුදුරු සිතුවිලි තව කෙතරම් ජීවිත බිලි ගනු ඇත්ද? තව කොපමණ දෙනෙකුට උන් හිටි තැන් අහිමි වනු ඇතිද? මෙතෙක් කල් පුද කළ ජීවිත වලින් මේ මෝඩ කොටි ලබා ඇත්තේ කුමක්ද? උන් සැමදා මිය ගිය අය ගැන ගී ගයමින් ඔවුනගේ පින්තූර වලට පහන් පත්තු කරමින් සිටිනු ඇත. කුඩා වුන්ගේ සෙල්ලම් පිටියේ ඔංචිලි වලට තුවක්කු වල අනුරූ සවි කරනු ඇත. ඔබ තමයි නිභය කොටියා යැයි කියනු ඇත. ඇත්ත දැන ගැනීමට මැදි වියක් ඔවුහු නොලබනු ඇත. හැත්තෑ හැවිරිදි අයෙකු වුවද, පොල්ලක් ගෙන රැකවෙලහි යොදවනු ඇත. පාසලෙහි, වැඩපොලෙහි, කඩපොලෙහි පොඩ්ඩු ගේ රහස් ඔත්තු කාරයෝ රැදී, ඇගේ අමාරුවට පාලනයට දොස් කිවහොත්, දස වද දී ප්‍රශ්න කරනු ඇත.

නමුත් ලන්ඩනයේ සිටින මොවුහු කුමක් දනීද? ඔවුන් ගේ කුඩා දරුවාගේ මුහුණේ කොටි මුහුණක් ඇඳගෙන ආ මේ මව්පියෝ මේ දරුවා බලහත්කාරයෙන් ගෙන ගොස් යුධ පෙරමුණට දමනට ඉඩ දෙනු ඇතිද? නාසි වාදයෙත්, ඊලාම් වාදයේත් වෙනස කිම?

1 comment:

සු said...

මේ කතාව ඇත්ත. එංගලන්තයේ කොටි තහනම තියෙද්දි පොලිසියම ඇවිත් මාර්ග බාධක දමලා පොංගු තමිල්වලට ඉඩ සැලසුවා. ප්‍රභාකරන් most wanted ලේබලයේ ඉන්න කොට එතන හිටි අය ප්‍රභාකරන්ගේ පින්තූරය එක අතකින් උස්සන් අනිත් අතේ ඇඟිලි දෙකක් පොලිසියට පෙන්නුවා..මේ මිනිසුන් මෙතරම් අවිඥානික හෝ නිද්‍රාශීලී ඇයි කියලා මට හිතාගන්න බැහැ.. විදෙස්ගත බොහෝ අය මෙතැන හිටියා..ඒ හැමෝම මේ කෘරත්වය අනුමත නොකරනවා යැයි දැන් අප සිතන්නේ කොහොමද? හැම දෙමළ ජාතිකයෙකුම කොටියෙකු ය යන කල්පනාව මේවා දකින අය තුළ ඇතිවුණොත් එයත් පුදුමයක් නෙවෙයි. මේ ගැන මොනවා කියන්නදැයි තේරෙන්නේ නැහැ. ජාත්‍යන්තරය මෙම දවසේ කළ කතාබහ සහ ක්‍රියාකාරකම් ගැන නිහඬ ඇයි ?