7/9/08

වවුනිමාවේදී ගැටී ත්‍රස්ත කොටි 8ක් මරුමුවට, තව 10ක් තුවාලයි

වවුනිමාවේ පලාමොටේ පෙදෙසේදී ලඞ්‍කා බළමුළු සමඟ ගැටී අසරණ කොටි 8ක් මියගොස් 10ක් පමණ තුවාල වී ඇති බව සැලය. ජුලි නම වෙනිදා උදයේ 7 පැයට පමණ මෙම ගැටුම ඇරඹී ඇති අතර එය සවස 1600 පැය පමණ දක්වා දිගු වී ඇත.
නවතම ආරංචි පවසන්නේ කොටි බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පෙදෙසෙයන්හි වයස 50 දක්වා දිවෙන සියළුම අයවලුන් දින 10ක පුහුණුවකට යටත් විය යුතු බවය. තවද දැන් 1990 ඉපැදුනු සැවෝටම ත්‍රස්තයන් සමඟ එක් විය හැකි බැව් ඔවුන් පරසිඳු කොට තිබේ. එබැවින් ගෙන් ගෙට පැන බලහත්කාරයෙන් අසරණ දරුවන් පැහැරගෙන යාම කඩිනම් කොට තිබෙන බවක් ආරංචි මඟවල් පවසති. පුහුණුවට ගිය පසු පැන යාමේ අදිටන් ඇතිව මොවුන් කොටින් සමඟ ගියත් පසුව සිදුවන තද මොල සේදීමේදී මිනිසත් දිවිය ප්‍රාණය ඇතිව තොරවෙයි. "නුඹ මෙහි පැමිණ ඇත්තේ දැය උදෙසා දිවි දීමටයි. නුඹ අද නොමලත් තව සති ගණනකින් කෙසේ වෙතුදු මැරීමට නියමිතයි. එබැවින් ඇයි දැන් නොමැරෙන්නේ?"
මේ දිනවල වැඩියෙන් මිය යන්නේ මෙලෙස බලහත්කාරයෙන් බදවාගත් අසරණයෝය. තුවාල වූවන් කළු වීදුරු සහිත රිය මඟින් ගිරානික්ක (කිලිනොච්චි) රෝහලට ගෙනැවිත් දමති. යන්තම් කොර ගහමින් ඇවිදිය හැක්කෝ ගෙන ගොස් නැවත යුධ අගල් වල දමති.
එබැවින් මෙවැනි දුක්බර දිවිගෙවන පැන යා නොහැකි කොටියෝ අසරණයෝ ලෙස හැදින්වීමද වැරදිද?

1 comment:

Leo Sadeepa said...

ඔබ මතු කරන පැනය ඉතා සංවේදී එකක් ... මේ අසරණ මිනිස්සුන්ට කොටි කටෙන් ගැලවෙන්න විදියක් ඇත්තෙම නැති පාටයි... කොහොම වුනත් යුද්දයේදී අහිංසකයන් හා ත්‍රස්තයන් අතර වෙනස සොයා ගන්න නම් අසීරුයි නෙව... කොහොම වුනත් ආණ්ඩුවට හා හමුදාවට යම් ප්‍රච්චාරණයක් දෙන්න පුලුවන් නම් (ගුවන් විදුලිය , ප්ට්‍රිකා) මගින් ජනතාව කොටියන්ට විරුද්දව කට්‍යුතු කරන්න පොලබවන්න පුලුවන් වේවි..