7/2/08

දෙමල කොටි, කලු කොටින් ඉහලින් සැමරීමට ලන්ඩනයේ පොන්ගු තමිල් උළෙලක් සංවිධානය කරති

ත්‍රස්ත කොටින්ට මුදල් රැස් කිරීම වස් ලන්ඩන් නුවර පොන්ගු තමිල් උළෙලක් ජූලි මස 12 වෙනි දින ප.ව. 3 ට පවත්වා මරාගෙන මැරෙන කළු කොටින්ගේ පුරාජේරුව පෙන්වීමට එහි වසන ත්‍රස්ත කොටින් ලැහැස්තිව ඇත. බිරිතානිය තුල විදෙස් ත්‍රස්ත සංවිධානයක් ලෙස දෙමල කොටි සංවිධානය තහනම් කොට ඇතත් මෙය සිදු කිරීමට එරෙහිව කිසිදු මැදිහත් වීමක් එරට රජය සිදු කරන බවක් නොපෙනේ. මෙලෙස යුරෝපයේ සියළුම අග නගරයන් හි මෙවැනි උළෙල පවත්වා විදෙස් දෙමල ප්‍රජාව අතර පහල බසිමින් තිබෙන ජනප්‍රියත්වය ඉහල නැංවීම සහ ආධාර එකතු කිරීම මෙහි අග්‍ර අරමුණ වී තිබේ.

No comments: