10/27/08

ඔත්තු බලන පරවියෝ

ඉරානය විසින් ඔත්තු බලන පරවියෝ දෙදෙනෙකු, යුරේනියම් බලගන්වන තැන් දෙකක දී අත් අඩංගුවට ගත් පුවතක් වෙයි. මෙය මොසාඩ් හෝ සී.අයි.ඒ. සංවිධානයන් හී වැඩක් බවටද ඔවුන් සැක කරති. පරවියන් ගේ පයේ නිල් පැහැ ගැනවුනු යකඩ මුදු නොපෙනෙන තන්තු හා සම්බන්ධ කර තිබූ බවද කියැවේ.
සාමය නමින් එන පරවියන් ගෙන් අප කෙතරම් පරිස්සම් විය යුතුද යන්නට මෙය හොඳ පැටුමකි.

10/14/08

පෙරමුණ පෙනේ ද?

ලංකාවේ සටන් වැරුමක් ඇති නො කළහොත් මැදි රජයට සහය දීමෙන් වලකින බව තමිල්නාඩු පෙදෙස් රජය අනතුරු හැඟවූ බවට පුවතක් විය. තවද ඉන්දියාව ත්‍රස්ත කොටින් වෙත දමා ඇති තහනම ඉවත් කළ යුතු බැව්‍ තමිල්නාඩුවේ ජනගහණයෙන් 51% විසින් ජනමතයකදී පවසා ඇත. තමිල්නාඩුවේ ජනගහනය කෝටි 6 කට වඩා වැඩි බැව්‍ අපි දනිමු. අප ජාතියක් සහ රටක් ලෙස සටන් කරන සහ සටන් කළ යුතු සතුරු පෙරමුණ ඔබට දැන් පෙනේ ද? එවැනි පෙරමුණක් සමඟ සටන් කැරුමට අප සූදානම් ද? එසේ නම් ඒ සටනට අවැසි අවි ගත් හේවයාන් පමණකුදු නොවේ. යුධ පෙරමුණ හැරුණු කොට කෙතරම් පෙරමුණු වල අප සටන් කළ යුතු ද? අපේ ජාතික ආර්ථිකය, දැනුම, විනය, සමාජය ආදි හැම පෙරමුණකම සටනක් තිබේ. එය ජය ගැනුම අප හැමෝගෙම අරමුණ විය යුතු නොවෙද?