10/14/08

පෙරමුණ පෙනේ ද?

ලංකාවේ සටන් වැරුමක් ඇති නො කළහොත් මැදි රජයට සහය දීමෙන් වලකින බව තමිල්නාඩු පෙදෙස් රජය අනතුරු හැඟවූ බවට පුවතක් විය. තවද ඉන්දියාව ත්‍රස්ත කොටින් වෙත දමා ඇති තහනම ඉවත් කළ යුතු බැව්‍ තමිල්නාඩුවේ ජනගහණයෙන් 51% විසින් ජනමතයකදී පවසා ඇත. තමිල්නාඩුවේ ජනගහනය කෝටි 6 කට වඩා වැඩි බැව්‍ අපි දනිමු. අප ජාතියක් සහ රටක් ලෙස සටන් කරන සහ සටන් කළ යුතු සතුරු පෙරමුණ ඔබට දැන් පෙනේ ද? එවැනි පෙරමුණක් සමඟ සටන් කැරුමට අප සූදානම් ද? එසේ නම් ඒ සටනට අවැසි අවි ගත් හේවයාන් පමණකුදු නොවේ. යුධ පෙරමුණ හැරුණු කොට කෙතරම් පෙරමුණු වල අප සටන් කළ යුතු ද? අපේ ජාතික ආර්ථිකය, දැනුම, විනය, සමාජය ආදි හැම පෙරමුණකම සටනක් තිබේ. එය ජය ගැනුම අප හැමෝගෙම අරමුණ විය යුතු නොවෙද?

3 comments:

Anonymous said...

ඉන්දියාව ඉතින් කාලින්ග මාඝ කාලෙ ඉදලාම ඉතින් අපිත් එක්ක සීතල යුද්දයක් නෙ තුබුණෙ. පාකිස්ථානෙ, චීනෙ උදවු නැතිවෙන්න මෙලහකටත් අපිට ඉන්දියන් ගුවන් හමුදාවෙන් පරිප්පු දාල.

අයියෝ ශ්‍රි ලංකා said...

යුද්ධය නතර කල යුත්තේ ඉන්දියාව කියන නිසා නොව. පාදඩ දේශපාලකයන්ගේ උවමනාවට තව එක සිංහල තරුණ ජීවිතයක් හෝ බිලි නොදිය යුතු නිසාය. අහිංසක තරුණ්යන්ගේ ජීවිත තමන්ට ලැබෙන ඩොලර් කොමිස් වලට මේ කාලකන්ණි දේශපලකයො බිලිදෙන්නේ කිසිම හිරිකිතක් නැතිවය. මේ යුද්දයේ ජය සමරන්න පාදඩ දේශපාලකයෝ ඉතිරිවනවිට අනික් රටවැසියන් වල පල්ලට ගොස් සිටිනු ඇත.

Homo Erectus said...

ම්....!
ඇයි මේ...?
වැරදෙන්න ඉඩ වැඩිම වෙලාව.
ප්‍රවේශමෙන්.....!