6/29/08

ලඞ්කා හමුදාවෝ මාන්තොට සහල් නැළිය දෙමල කොටින්ගෙන් නැවත ගනිති

සහල් නැළිය නම් පරසිඳු මාන්තොට ගොවිකමින් සශ්‍රික පෙදෙස් වූ රාමසේතු (අදම්‍පන්), අළුත්ගුරුගල්වැව (කුරුක්කන්දන්කුලම්), බෙල්ලන්වැව (වෙලන්කුලම්), වැද්දන්කන්ද (වෙද්දක්‍කන්දල්), එරන්වැව (ආලන්කුලම්), අඳන්වැව (ආන්දන්කුලම්), බුරුතගන්දර (මරටිකන්දල්), අලගෙඩිවැල්ල (අලකඩ්ඩිවෙලි), ගත්තරකන්ද (පරප්පකන්ඩල්) ආදි වශයෙන් දැක්වෙන ගම්මාන ලඞ්කා හමුදාවෝ ත්‍රස්තයන්ගෙන් මුදවාගත්හ. යෝද වැව විසින් වතුර සපයන මෙම ගම්මාන තවත් කුඩා වැව් 153 හා එක්ව මෙම සහල් නැළිය පෝෂණය කළ නමුඳු දැන් එම පෙදෙස කොටි ත්‍රස්තයන්ගේ යුධ අගල්, බන්කර, බිම් බෝම්බ ආදියෙන් පිරී ඇති බැව් සැලයි. 1991 වසරේදී වැඩිම සහල් නිපදවූයේ මෙපෙදෙසිනි.

6/26/08

කොටි ත්‍රස්තයන්‍ විසින් වන්දනීය මඩු මාතා පිලිමය ආවරණයක් ලෙස ගැනීම බෙත්ලෙහෙමේ කතෝලික ප්‍රජාව හෙලා දකියි

6/25/08

කොටි ත්‍රස්තයන්ගේ කාලතුවක්කු සහ මෝටාර ගැන මොලකරුවෙක් දරුණු ලෙස තුවාල වෙලා ලු.

ආරක්ෂක රහස් තොරතුරු ආරංචි මාර්ග පවසන ආකාරයට දෙමල කොටි ත්‍රස්තයන්ගේ කාලතුවක්කු සහ මෝටාර් අවි පිළිබඳ විශේෂඥයෙකු වන ඉනියවන් නැමැත්තා දරුණු ලෙස තුවාල ලබා ඇත. පසුගිය දා මුරමාලේ (මුහමාලේ) පිහිටි ත්‍රස්තයන්ගේ කාලතුවක්කු ප්‍රහාර දියත් කරන තැනකට ගුවනින් එල්ල කරන ලද ප්‍රහාර වලින් බොහෝ ත්‍රස්තයන් තුවාල වී ඇති අතර මෙම මහ මොලකරුද එහිදී තුවාල ලබා ඇත.

කැනඩාවෙහි ත්‍රස්තයනට මුදල් යොදවන ලැයිස්තුවට ලෝක දෙමල ව්‍යාපාරයද ඇතුලත් වේ

කැනඩාවේ බැංකුමය කටයුතු සෝදිසි කරන ආයතනය විසින් ජුනි මස 16 වන දින සිට ආන්දෝලනයට තුඩු දී ඇති ලෝක දෙමල ව්‍යාපාරයද ත්‍රස්තවාදීන්ට මුදල් ආධාර දෙනු ලබන සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කොට ඇත. තවද සියලුම බැංකු, ණය දෙන ආයතන සහ රක්ෂණ සමාගම් වලට ඔවුනගේ සේවාදායකයන්ගේ ලැයිස්තු පරික්ෂා කොට යම් නිරික්ෂණ ඇතිනම් බලධාරීන්ට ඉක්මනින් දන්වන ලෙස අණ කර ඇත. මෙම ව්‍යාපාරය විසින් දෙමල කොටි සංවිධානයට මුදල් ආධාර ලබා දෙන බව පරසිඳු රහසකි.

ත්‍රස්ත ග්‍රහණයෙන් තව පෙදෙස් මුදා ගනිති

දෙමල ත්‍රස්ත ග්‍රහණයෙන් මන්‍නාරම පෙදෙසේ වයඹ කොටස බේරා ගැන්මට ලඞකා හමුදාවන්ට හැකි වූ බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි. මෙහිදී ත්‍රස්තයන් 18 දෙනෙකුද මිය ගිය බව සැලයි. තවද ඔත්තන්තුඩාව (ඔඩ්ඩුසුඩාන්) සහ අඳුන්වැව (ආන්දන් කුලම්) පෙදෙසෙහි වූ ත්‍රස්ත ස්ථානයන්ටද ගුවනින් පහර දුන් බවද පැවසේ. දෙමල ත්‍රස්තයන් මේ පිළිබඳව කිසිවක් නොකියති.

6/20/08

බිල් ගේට්ස් ලබන වසරේ ලංකාවට එයි

ලබන වසරේදී මයිකෝසොෆ්ට් සමාගමේ අයිතිකරු වන බිල් ගේට්ස් මහතා ලංකාවට පැමිණෙනු ඇතැයි, මහඳුරු තිස්ස විතාරණ මහතා පවසා ඇති අතර එම පැමිණීම තුලින් මයික්‍රෝසොෆ්ට් ආයතනය සමඟ ලංකාවේ ආණ්ඩුව තොරතුරු සහ සන්නිවේදන සිප්ලකුව දියුණු කිරීමේ පරීක්ෂණ වලට යෙදීමේ හැකියාව වැඩිවනු ඇතැයි ඔහු පවසා තිබේ. තවද ලබන වසර තොරතුරු සන්නිවේදන සිප්ලකු වසර ලෙස රජය විසින් නම් කරන බවද ඔහු පවසා ඇත.

ද්‍රවිඩ කොටි සැකකරුවන් 30 දෙනෙකු ඉතාලියානු පොලීසියට අසුවෙති

පසු ගිය බුද දා ඉතාලියානු පොලිසිය විසින් සැකකරුවන් 30 දෙනෙකු ලංකාවේ දෙමල කොටි ත්‍රස්තයන්ට මුදල් රැස් කිරීම උදෙසා අත් අඩංගුවට ගනු ලැබීය.
ඉතාලියානු ත්‍රස්ත විරෝධී පොලීසිය පවසන්නේ මොවුන් විසින් දැනට ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙම මුදල් රැස් කර ඇති බවය.

6/15/08

යතුරු පැදි කොටි බෝම්බකරුවා, පොලීසියේ 12 දෙනෙකු මරාගෙන මැරෙයි.

වවුනියාව ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය අභියස මරාගෙන මැරෙන කොටි බෝම්බ ත්‍රස්‍තවාදියෙකු යතුරු පැදියක වුත්‍ පුපුරවාගෙන පොලිස් නිලදරුවන්‍ 12 මරා තවත් පොලිස් සහ සිවිල් 20 දෙනෙකු තුවාල සිදු කර ඇත. තුවාල සිදු වූවන් අතර පාසල් යන කුඩා දැරියකද වන බව පැවසේ.

6/13/08

කොටින්ට පරසිඳු කේරලයේ, කොටි ක්‍රියාකාරකමෙහි නැතිලු.

සිව්‍ පා කොටින්ට පරසිඳු ඉන්දියානු කේරල ප්‍රාන්තය, තුල දමිල කොටින් ගේ ක්‍රියාකාරකම්‍ කිසිවක් දක්‍නට නොමැති බැව්‍ කේරල වෙරලාරක්ෂක මුරයේ නියොජ්‍ය පොලිස්‍පති, ලක්ෂද්වීප හි විජය ඡෆෙකාර්‍ පැවසීය.

කොටි අවි නිමවුම් හලක් ශ්‍රි ලඞකා ගුවන්‍ හමුදා බෝම්බයෙන් නිමවෙයි.

අළුත්‍කුලිස්සට (පුදිකුදිරිප්පු) කි.මි. 3ක් පමණ බස්නාහිරට වූ උඩය කඩුව වැව (උදයාරාකද්දිකුලම්) හි පිහිටි කොටින්‍ගේ ප්‍රධාන පිපිරෙන ද්‍රව්‍ය සහ වෙඩි ද්‍රව්‍ය ගබඩාවක් ශ්‍රි ලඞකා ගුවන් හමුදා බෝම්බ ප්‍රහාරවලින් විනාශ වූ බව සැලය. මෙය මධ්‍යහන 12 පමණ සිදු වී ඇත.

ඉන්දියාවට ශ්‍රි ලංකාව තුල භූමිකාවක් දැනට නැත - කොටියෝ.

ලංකාව තුල වෙනම රාජ්‍යයක් සහ කොටින්ගේ ස්වයං අයිතිය පිළිගන්නා තුරු මෙම අරගලයට ඉන්දියාව ට කිසිදු ආකාරයක ප්‍රතිඵලදායි මැදිහත් වීමක් නොකළ හැකි බව කොටි නායක බාලකුමාරන් පවසා ඔස්ට්‍රෙලියානු රෙදෙව්වට පවසා ඇත.

කැනඩාවෙන් පැමිණි දෙමල තරුණ සිසුවා අත් අඩංගුවේ.

කැනඩාවේ සිට ලංකාවට පැමිණි, ලාංකික දමිල තරුණ සිසුවෙකු ඔහු සන්තකව "උණුසම සොයා යන උපකරණ" (heat seeking devices) තිබීම හේතුවෙන් අත් අඩංගුවට පත් ව ඇත.

6/10/08

බසයන්හි බෝම්බ පුපුරවන්නේ එල්ලාන්ගේ හමුදාවලු

රොයිටර පුවත් සේවය‌ට විදුලි ලිපියක් යවමින් එල්ලාන් හමුදාව නම් කොටසක් මගී බසයන් ඉලක්ක කොට බෝම්බ පුපුරවන්නේ තමන්යැයි පවසයි. එම සිද්ධින් සඳහා අහිංසක කොටි සම්බන්ධ නැති බව ඔවුහු පවසති. රොයිටර් පුවත් සේවයත් මූලය තිර නොකර පුවත් සපයන ආයතනයක් වී ඇති සැටියි. විදුලි ලිපියක් කාට යැවිය නොහැකිද?

6/9/08

ඉන්දීය මැදිහත් වීමකට දෙමළ කොටි සතුටුදායක සන් කිරීමක්

සිරි ලඞකාව තුල වන පැණයට ඉන්දියව මැදිහත් වුවහොත් එය පිළිගැන්මට කොටි සුදානම් බව ලඞකාවේ දමිල ඇමතියකු වන චන්දරසේකර පවසන ලදි.

6/4/08

කොටියෝ 21051 දැනට මැරුම් කති

1982 පටන් මේ දක්වා දමිල ඊලාම් ත්‍රස්තවාදී කොටි 21051 ලංකා හමුදාව සමඟ සටනට වැද දැනට පරලොව දිනා ගෙන ඇති බව එම ත්‍රස්තවාදී සංවිධානය මහත් අඩම්බරයෙන් පවසා ඇත.

6/3/08

දෙහිවල බෝම්බයෙන් 16 දෙනෙකුට තුවාලයි, මෙන්න තවත් සින්දුවක්

අද උදේ බසය තුල කාර්යාලයට පැමිණෙමින් සිටින අතර තුර එහි වූ ගුවන් විදුලි යන්තරයෙන් මෙහෙම ඇහුනා. "දෙහිවල සහ වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගයහි දුම්රියක් ඉලක්ක කර බෝම්බයක් පිපිරී ගොස් තිබෙනවා. ඉන් 16 දෙනෙකු තුවාල වෙලා තියෙනවා. වැඩිදුර විස්තර ලැබුනු සැනින් රැදී සිටින්න ..... එෆ් එම් සමඟ. මෙන්න තවත් සින්දුවක් .... අපි නටමු//......".

6/2/08

ත්‍රස්ත නායක පුලිදේවන්ගේ පුල්ලි කොටි විසින්ම මකයි.

කොටි ත්‍රස්තයින්ගේ ඊනියා සාම ලේකම් කාර්යාලයට යා කර සිටි "සිවරත්නම් පිරබාහරන්" හෙවත් "පුලිදේවන්" කොටි නායක වෙලුපිල්ලේ පිරබාහරන් ගේ සෘජු නියෝග පරිදි එම සංවිධානය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

6/1/08

සැගව සිටින පිරභාහරන්ගේ නෛතික බිරිඳ, ත්‍රස්ත නායිකා සෙල්විගේ මළ ගමට ආවාය


ත්‍රස්තවාදී නායීකා සෙල්විගේ මළමිනියට ආචාර දැක්විමට කොටි ත්‍රස්ත නායකගේ බිරිඳ වන "මදිවදිනී" සහභාගී වුවාය. ගුණකථන කිසිත් නොකල ඇය අන් අය කළ දේ බලා හිද පිටව ගිය බව සැලය.

කැනඩාවේ විශ්වවිද්‍යාල ව්‍යාපාර අධ්‍යයනයේ කොටසක් ලෙස ත්‍රස්තවාදයත් පිරිනමයිද?

කැනෙඩියානු දමිල විශ්වවිද්‍යාල ශිෂ්‍යකු ඔහුගේ නිබන්ධනයහි කොටි ත්‍රස්තවාදීන් උදෙසා මුදල් රැස් කළ ආකාරය පිළිබඳව විවරණය කිරීමෙන් "ව්‍යවසායක නිපුණතාවය" වෙනුවෙන් ඩොලර් 5000 තෑග්ගක් ලැබීම ත්‍රස්තවාදයට කැනඩාව විසින් උඩගෙඩි දීම පෙන්නුම් කරන්නක් ලෙස එරට බොහෝ ජනයා අතර කැලැඹිමක් ඇති කොට ඇත.

ත්‍රස්තවාදීන් හා කතිකාවකට යා නොහැකි බැව් රාජ දූතයකු පවසයි.

අවි ආයුධ දරන තුරු ත්‍රස්තවාදීන් හා කතිකාවකට යා නොහැකි බැව් ජනපතිගේ හිතවතෙකු ලෙස පරසිඳු රාජ දූතයෙකු වන දයාන් ජයතිලක මහතා පවසා ඇත.

රට පුරා ගං වතුර

පසු ගිය දින කිහිපය තුල වූ වැසි හේතුවෙන් දිවයිනෙහි කිහිප පෙදෙසක්ම වැසි දියෙන් ජල ගැලීම් ඇති වී තිබේ. මෙමගින් පස් දෙනෙකු මිය ගොස් එක් ලක්ෂ විසිදහසක් පමණ ආපදාවට පත් ව ඇති බැව් සැලය.