6/29/08

ලඞ්කා හමුදාවෝ මාන්තොට සහල් නැළිය දෙමල කොටින්ගෙන් නැවත ගනිති

සහල් නැළිය නම් පරසිඳු මාන්තොට ගොවිකමින් සශ්‍රික පෙදෙස් වූ රාමසේතු (අදම්‍පන්), අළුත්ගුරුගල්වැව (කුරුක්කන්දන්කුලම්), බෙල්ලන්වැව (වෙලන්කුලම්), වැද්දන්කන්ද (වෙද්දක්‍කන්දල්), එරන්වැව (ආලන්කුලම්), අඳන්වැව (ආන්දන්කුලම්), බුරුතගන්දර (මරටිකන්දල්), අලගෙඩිවැල්ල (අලකඩ්ඩිවෙලි), ගත්තරකන්ද (පරප්පකන්ඩල්) ආදි වශයෙන් දැක්වෙන ගම්මාන ලඞ්කා හමුදාවෝ ත්‍රස්තයන්ගෙන් මුදවාගත්හ. යෝද වැව විසින් වතුර සපයන මෙම ගම්මාන තවත් කුඩා වැව් 153 හා එක්ව මෙම සහල් නැළිය පෝෂණය කළ නමුඳු දැන් එම පෙදෙස කොටි ත්‍රස්තයන්ගේ යුධ අගල්, බන්කර, බිම් බෝම්බ ආදියෙන් පිරී ඇති බැව් සැලයි. 1991 වසරේදී වැඩිම සහල් නිපදවූයේ මෙපෙදෙසිනි.

2 comments:

Anuradha Ratnaweera said...

ගම් වල පැරණි නම් ලිවීම නම් හරි කදිමයි. අහුබුදුවන් ගේ "ලංකා ගම් නම් වහර" පොත දුටුවා ද?

පොඩි නිවැරදි කිරීමක්. "ං" වෙනුවට "ඞ්" යොදන්නේ හල් කිරීම ද සමගයි. එවිට, "ලඞ්කා" විය යුතු යි.

නිලන්ත පියසිරි said...

අනුරාධ,
නිවැරදි කිරිමට තුති.