7/1/08

දෙමල කොටි ත්‍රස්තයන් ගේ කාලය තව කිහිප දවසක් පමණක් බව යුධ හමුදාපති කියයි

2006 වසරේ අගෝස්තු මස සිට වෙහෙසගත හමුදා උපක්‍රම නිසා ගතානුගතික හමුදාවක ඇති යුද හැකියාවන් සියල්ල දෙමල කොටි ත්‍රස්තයන් ගෙන් ගිලිහී ඇති බව ශ්‍රි ලංකා යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

යුධ හමුදා මූලස්ථානයේ පැවති ශ්‍රී ලංකාවේ විදෙස් වාර්තා කරුවන් ගේ සංගමයේ සාමාජිකයන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව පැවසූ අතර දැන් දෙමල කොටි සංවිධානය "නිකම්‍ම කඩමලු ත්‍රස්ත කල්ලියක්" පමණක් බවත් ඔහු පැවසීය.

No comments: