7/16/08

ත්‍රස්වාදයට උඩගෙඩි දීම ගැන ඔස්ට්‍රේලියානුවෙකු අත් අඩංගුවට

මෙල්බො(ර්)න් වෙළඳ පාසලේ අධ්‍යක්ෂකයෙකු දෙමළ කොටි හා සම්බන්ධකම් පැවත්වීම ගැන ඇමරිකානු බලධාරීන්ගේ ඉල්ලීම උඩ ඔස්ට්‍රෙලියානු පොලිසිය විසින් සිරභාරයට ගෙන ඇත. "The Australian" පුවත් පත පැවසුවේ තුලසිදරන් සන්දිරරාජා නැමැති 34 හැවිරිදි මොහුව ඇමරිකාව කරා යැවීමට නියමිත බවය.
තවද මෙල්බො(ර්)න් ජාත්‍යන්තර පාසල හැරුනකොට නැරේ වොරන්, ඩන්‍ඩෙනොන්ග් සහ ලිස්ටර්ෆීල්ඩ් යන පෙදෙස්වල වෙලෙඳ ආයතන 5ක්ද ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් වටලන ලද බව මෙම පුවත් පත පවසයි.
ශ්‍රී ලංකාවට සටන් කිරීමට සිදුව ඇත්තේ හුදු යුඳ පෙරමුණෙහි පමණක් නොව මෙවැනි මුළු ලොව පුරාම විසිරී පැතිරී ගිය අති විසල් ත්‍රස්ත ජාලයක් සමඟ බව මෙයින් පැහැදිලිය. ඇත්තෙන්ම මෙම යුද්‍ධය මෙහෙයවනු ලබන්නේ ඔවුහු වෙති. නමුදු පෙරමුණෙහි මිය යන්නේ අහිංසක දෙමළුන්ගේ දරුවන් වේ. ගුවන් විදුලි සංස්ථාව (රෙදෙව් සංස්ථාව) විසින් විකාශණය කෙරෙන "ඉතායවීනායි" වැඩසටහන අසනු ලැබුවහොත් පොඩ්ඩු අම්මාන්ගේ ගුහාවට ගෙන යන දෙමළුන්ගේ නිදහස වෙනුවෙන් සටන් වදින සංවිධාන කොටින්ගෙන් අසරණ දෙමළුන් බේරා ගන්නේ කවදාද?

No comments: