7/8/08

කළු කොටි හපුවන්ගේ දිනයට පිරබාහරන් ගොයියාට සිංදු එකතු

දෙමල කොටි දැඩි හිතැති ටැමිල්නෙට් යැයි කුපකට වෙබය පසු ගිය දා අමුතුම සිදුවීමක් පල කළේය. එනම් කළු කොටියන්ගේ දිවිය තොර කර ගැනීමේ සතුටට සිංදු එකතුවන් නිකුත් කිරීමයි. දැන් දැන් කොටි රහස් තොරතුරු දැලේ නායක පොඩ්ඩු අම්මාන්, මුහුදු කොටි (මුන් නම් කෙදිනකවත් ඔබට කකුල් හතරකින් දැකිය නොහැක) නායක සුසෛ, සහ කොටි පොලිස් නායක නඩේසන් යන අය සිංදු එකතූන් (ඇල්බම) කොටි නායක පිරබාහරන්ට පිළිගැන්වීමයි. උතුරේ අහිංසක දෙමළුන්ට මොවුන් ගයන සිංදුවෙන් කවදා ගැලවීමක් ලැබේද? අපි අපේ දෙස් පාලුවන්ගෙන් අසන සිංදුවට වඩා එය ශාරීරිකව අපහසු බව මිසක් වෙන වෙනසක් එහි නැත.

3 comments:

ච.ගු said...

මාධ්‍ය වලින් ‍යුධ පුවත් දකිනකොට අපේ රණවිරුවන් ගැන හරිම ආඩම්බරයි. කොටි සින්දුව රාත්‍රියෙ ඇසෙන බිලාළ පොරයක් ලෙසට ඉක්මනටම නොඇසී යන දවස ඉතාම මෑතයි. එදාට උතුරෙ ද්‍රවිඩ ජනතාව විමුක්තියෙ ගී ගයාවි.

මම නොදන්න නිසයි මේ අහන්නෙ: ඇයි මූ නම වෙනස් කරලද? - පිරබාහරන් ?? (වෙලුපිල්ලේ ප්‍රභාකරන් කියල නේද ඉස්සර කිව්වෙ ?)

නිලන්ත පියසිරි said...

උප්පැන්නේ තියෙන්නේ පිරභාහරන් කියල ලු

Wiz Kun said...

"ප්‍රභා..." නම නිතර කීමෙන් ඔහුට ශුභ බව සමහරු විහ්වාස කරනවා. ඒක හින්දා පිරිබාහරන් කියා හැඳින්වීම හොඳ බව මගේත් අදහසයි.
TamilNet කියන්නේ එක් වෙබ් අඩවියක් පමනයි මේ YouTube Channel එකත් බලන්න
http://www.youtube.com/user/PattaVesikePutha
සාමාන්‍ය දේශපාලන වෛරයකට වඩා මේ චැනලය සමස්ත සිංහල ජනතාවටම පහර ගැසීමේ අරමුනකින් ක්‍රියාත්මක වන බව පෙනෙනවා.
අපි හැමෝම එකතු වෙලා මේවා ගැන YouTube එකට කියලා බැලුවොත් මේවගේ Channel Ban කරන්න පුලුවන් වේවි.