7/22/08

කොටියෝ විරාමයක් ඉල්ලති

දෙමල කොටි ත්‍රස්තයෝ තනි පසෙකින් සටන් විරාමයක් පල කර සිටිති. මෙවර ඔවුන් ආවරණයට ගෙන ඇත්තේ සාර්ක් සමුළුවයි. මොවුන්ගේ මේ ආවරණ ගැනීම කවදා නතර වේවිද? යුද්ධයේදී ඔවුන් අහිංසක සිවිල් ජනයා ආවරණයට ගනී. මුදල් රැස්කීරීමේදී රාජ්‍ය නොවන සංවිධාන ආවරණයට ගනිති.
මෙම විරාමයෙන් ඔවුන් කියන්නේ කුමක්ද? ඔවුන් සාර්ක් සමුළුවට සුභ පතන බවද? කලාපීය ත්‍රස්තවාදයට වැට බැඳුමට එක් වන සාර්ක් සමුළුවට කොටින්ගෙන් සුබ පැතුම්‍!
කොටින්ගේ විහිළු නවතින දා කවරදා ද?

2 comments:

නාමල් උඩලමත්ත said...

රැ වැටුණු වළේ දවල් ද වැටෙන බව සනාථ කරමින් කොටින්ගේ ඊනියා සාම උගුලේ වරක් දෙවරක් නොව 9 වතාවක් වැටුණු මෙරට නායකත්වයට මේ වතාවේවත් ඇස් ලැබේවායි පතමි. විරෝදාර හමුදාවන් අබිමුව දනින් වැටී සිටින කොටියාගේ හපන්න බැරි අත සිඹීමේ න්‍යාය වහාම හදුනා ගත යුතු ය. මේ හෙණ ගෙඩිය ලක් මව් හිස මත හෙළා තවත් දසක කිහිපයකින් ඇය ආපස්සට රැගෙන යන්ට දතකන කොටි ඒජන්තයිනට සහ සාම මුදලාලිලාට එරෙහිව දේශප්‍රේමී ජනතාව වහා නැඟී සිටිය යුතු ය. එම මතවාදීමය අරගලය උතුරේ නියත ජයග්‍රහණය පහසු කරනු ඇත.

GreenLeaf said...

නිලන්ත, 'කොටියෝ' කියන එක 'කොටි' උනොත් නරකද?

ලිපි කියවන්න ලැබීම ගැන සතුටුයි. දිගටම ලිවීමට දිරි පතමි.