8/7/08

තව කොටි දෙදෙනෙකු ඉන්දියාවේ දී කොටු වෙති

යාපා පටුනේ පදිංචිව සිටි උමා රාමානාන් (33) සහ අමාලාන් (27) නමැති කොටි ත්‍රස්තයෝ චෙන්නායි නුවර දී පසු ගිය බුද දින අල්ලා අධිකරණ අත් අඩංගුවට පත් කළ බව ඉන්දීය පොලීසිය පවසයි. මොවුන් දෙදෙනා සන්තකව ඇමොනියම් නයිට්‍රේට් නම් රසායනික පොහොර වගයක් සහ බෝම්බ පුපුරවන ඩෙටොනේටර හා රැහැන් ද තිබී ඇත. මෙම සිරභාරයට ගැනීම කොට ඇත්තේ පසුගිය අඟහරුවාදා සෙල්වම් නැමැති කොටි ත්‍රස්තයා දුන් තොරතුරු මත බව පැවසේ. මේ අනුව පසු ගිය සතිය තුල කොටි ත්‍රස්ත ක්‍රියාකාරීහු දස දෙනෙකු ඉන්දියාව තුල දී අත්අඩංගුවට පත් ව තිබේ.

No comments: