9/23/08

කොටි "බානු" මලවුන් අතරද?

ඊයේ සහ අද පැතිර ගිය ආරංචි අතර ත්‍රස්ත කොටි කර්නල් වරයෙකු ලෙස හැදින්වූ, කොටි නායකයෙකු වූ බානු නැමැත්තා මිය ගොස් ඇති බවද වෙයි. නමුදු අවාසනාවකට මෙම පුවත මේ වන විටත් සනාථ කොට ගෙන නොමැත. බානු නැමැත්තා, කොටි නායකත්වය විසින් ඉතා දුර්වල නායකයෙකු ලෙස කිහිපවතාවක් ම හංවඩු ගසා ඇත.

පසුගිය කාලයේ මල්ලව (මල්ලාවි) පෙදෙසෙන් ඉදිරියට ඇදෙන යුධ හමුදා සමඟ මුවාවැව (මාන්කුලම්) පෙදෙසෙහි පිලි-සටන් හි යෙදී සිටි ත්‍රස්ත කොටි බානු කොටියන් විසින් බිහි කළ අවම හැකියා ඇති නායකයෙකු වුවත් ඔහු ගේ වියෝව කොටින් ගේ දිරිය මොට කිරීමට බෙහෙවින් බල පෑ හැකි බැව් පැවසේ.

1 comment:

Leo Sadeepa said...

මේ කතාව ඩිෆෙන්ස් නෙට් බ්ලොගයේත් තිබුනා .. කොහෙද ඉස්සර නම් රාසයියා ඉල්ලතිරයන් ගෙන් වත් අහන්න තිබුනා ..දැන් ඌත් පෝන් එකට එන්නේ නැහැ නේ .. බානු දුර්වල නායකයෙක් වුනාට දැන් සටන් සෑහෙන ප්‍රමාණයක් මෙහෙයවලා තියෙනවා නේද ? කොහොම වුනත් ඩිෆෙන්ස්නෙට් වලට අනුව නම් බානු ඉලක්ක කරලා රොකට් ප්‍රහාර එල්ල කරලා තියෙනවා