
11/3/08
දෙමළ නළු/නිළි කල්ලිය කොටි වෙනුවෙන් රඟපාති

10/27/08
ඔත්තු බලන පරවියෝ
ඉරානය විසින් ඔත්තු බලන පරවියෝ දෙදෙනෙකු, යුරේනියම් බලගන්වන තැන් දෙකක දී අත් අඩංගුවට ගත් පුවතක් වෙයි. මෙය මොසාඩ් හෝ සී.අයි.ඒ. සංවිධානයන් හී වැඩක් බවටද ඔවුන් සැක කරති. පරවියන් ගේ පයේ නිල් පැහැ ගැනවුනු යකඩ මුදු නොපෙනෙන තන්තු හා සම්බන්ධ කර තිබූ බවද කියැවේ.
සාමය නමින් එන පරවියන් ගෙන් අප කෙතරම් පරිස්සම් විය යුතුද යන්නට මෙය හොඳ පැටුමකි.
සාමය නමින් එන පරවියන් ගෙන් අප කෙතරම් පරිස්සම් විය යුතුද යන්නට මෙය හොඳ පැටුමකි.
10/14/08
පෙරමුණ පෙනේ ද?
ලංකාවේ සටන් වැරුමක් ඇති නො කළහොත් මැදි රජයට සහය දීමෙන් වලකින බව තමිල්නාඩු පෙදෙස් රජය අනතුරු හැඟවූ බවට පුවතක් විය. තවද ඉන්දියාව ත්‍රස්ත කොටින් වෙත දමා ඇති තහනම ඉවත් කළ යුතු බැව් තමිල්නාඩුවේ ජනගහණයෙන් 51% විසින් ජනමතයකදී පවසා ඇත. තමිල්නාඩුවේ ජනගහනය කෝටි 6 කට වඩා වැඩි බැව් අපි දනිමු. අප ජාතියක් සහ රටක් ලෙස සටන් කරන සහ සටන් කළ යුතු සතුරු පෙරමුණ ඔබට දැන් පෙනේ ද? එවැනි පෙරමුණක් සමඟ සටන් කැරුමට අප සූදානම් ද? එසේ නම් ඒ සටනට අවැසි අවි ගත් හේවයාන් පමණකුදු නොවේ. යුධ පෙරමුණ හැරුණු කොට කෙතරම් පෙරමුණු වල අප සටන් කළ යුතු ද? අපේ ජාතික ආර්ථිකය, දැනුම, විනය, සමාජය ආදි හැම පෙරමුණකම සටනක් තිබේ. එය ජය ගැනුම අප හැමෝගෙම අරමුණ විය යුතු නොවෙද?
9/23/08
කොටි "බානු" මලවුන් අතරද?

පසුගිය කාලයේ මල්ලව (මල්ලාවි) පෙදෙසෙන් ඉදිරියට ඇදෙන යුධ හමුදා සමඟ මුවාවැව (මාන්කුලම්) පෙදෙසෙහි පිලි-සටන් හි යෙදී සිටි ත්‍රස්ත කොටි බානු කොටියන් විසින් බිහි කළ අවම හැකියා ඇති නායකයෙකු වුවත් ඔහු ගේ වියෝව කොටින් ගේ දිරිය මොට කිරීමට බෙහෙවින් බල පෑ හැකි බැව් පැවසේ.
9/17/08
වන්නියට මානවවාදී සැපයීම්
වන්නියට ලැබෙන මානවවාදී සැපයීම් ශ්‍රී ලාංකික හමුදා විසින් හැවුරූ බව පුල්ලි වසා ගත් කොටි කියති. පසුගිය බදාදා හමුදාව විසින් මානවවාදී සැපයීම් රැගත් ලොරි 15ක් නැවත හරවා යැවූ බව කියන මොවුන්, ඒවා ඇතුලත අතරමං වුනු පිරිසට ලැබිය යුතු දේ බව පවසති. මෙතරම් අහිංසක සිවිල් වැසියන් ගැන ලත වෙන ත්‍රස්ත කොටි, ඔවුන්ට එම සැපයීම් ලෙහෙසියෙන් ලබාගත හැකි සාමකාමී පෙදෙස් වෙත නොඑවන්නේ ඇයි?
සතුරාගෙන් ම ආහාර සහ බෙහෙත් බඩු ලබාගෙන සටන් කරන නිර්ලැජ්ජිත කොටි, සිවිල් වැසින්ට කියා බෙහෙත් සහ ආහාර එකතු කරන්නේ ඉහඳ පණුවෝ මෙන් නොවෙත්ද?
සතුරාටත් කන්න බොන්න සහ බෙහෙත් දී සටන් කරන එකම හමුදාව, ශ්‍රී ලාංකික හමුදාවම විය යුතුය.
සතුරාගෙන් ම ආහාර සහ බෙහෙත් බඩු ලබාගෙන සටන් කරන නිර්ලැජ්ජිත කොටි, සිවිල් වැසින්ට කියා බෙහෙත් සහ ආහාර එකතු කරන්නේ ඉහඳ පණුවෝ මෙන් නොවෙත්ද?
සතුරාටත් කන්න බොන්න සහ බෙහෙත් දී සටන් කරන එකම හමුදාව, ශ්‍රී ලාංකික හමුදාවම විය යුතුය.
කොටියෝ, නොකා මැරුණු තිලීපන් සමරති
පිරබාහරන් කිසිවකු නොදන්නා හොර ගුහාවක සිට වසර 21කට පෙර නොකා මැරුණු තිලීපන් නැමැති කොටියා සිහිකළ බව සැලයි. මොහු නොකා මැරීම නිසා ම මෙකල නොකා නොබී මැරෙන්නට වුනු මිනිසුන් ගණන කොපමණද? හේ නොකා නොබී නොමැරී, පිරබාහරන් මැරුණා නම් කී දෙනෙකු බේරෙන්නට තිබුනා ද?
8/7/08
අන්තිම සටන
ක්‍රි.ව. 1987 වන විට ත්‍රස්ත කොටි 550 ක් ඊනියා සටන නිසා අපායට ගොස් සිටියහ. එකල ඔවුන් කීවේ මෙය ඔවුන් ගේ අවසන් සටන බැවින් සකළ දෙමළුන් උන් සමඟ එක් විය යුතු බවකි. ක්‍රි.ව. 2007 නොවැම්බර් මස 20 වන දිනට ඔවුන් පළ කළ ඉලක්කම් අනුව 19877 දෙනෙකු මලවුන් අතරය. ඉන් පසු දිවි තොරවූ කොටි පමණ අපට සිතා ගත හැක නොවැ. අදත් ඔවුන් කියන්නේ මෙය උන් ගේ අවසන් සටන බවය. අවසන් සටන් කීයක් තිබේද යන්න තවමත් නිර්නය කළ නොහේ. ඇත්තෙන්ම ඔවුනට අවසන් සටනක් කිසි දින නොතිබුණි. සකළ කොටි නායකයෝ යෙහෙන් වැජැඹීමට කුඩා කුඩා සටන් මෙහෙයවමින් වරින් වර සාම කථා කරමින් සිටීම උන ගේ අරමුණ නොවෙන බව නොතේරෙන්නේ මොලය සේදුනු දෙමළුන්ට ම පමණි. අනුරපුරයේ ගුවන් හේවාපොලට පහර දී කොටි 20 දෙනෙකු මලවුන් අතරට දක්කා ලබා ගත් දෙය කුමක් ද? හඩා වැටෙන දෙමව්පියන් ගේ කඳුළු පමණි. බොහෝ දෙමළුන් තවම නියම සතුරා හඳුනාගෙන ඇති බවක් පෙනෙන්නට නැහැ. තවද හඳුනා ගෙන ඇතිවුනද, කළ හැකි දෙයක් නොමැතිව සිටිති. නියම සතුරා දෙමළුන්ට මෙවැනි ඊනියා නිජබිම් සංකල්පය දුන් එවුන්මය.
Subscribe to:
Posts (Atom)