යාපා පටුනේ පදිංචිව සිටි උමා රාමානාන් (33) සහ අමාලාන් (27) නමැති කොටි ත්‍රස්තයෝ චෙන්නායි නුවර දී පසු ගිය බුද දින අල්ලා අධිකරණ අත් අඩංගුවට පත් කළ බව ඉන්දීය පොලීසිය පවසයි. මොවුන් දෙදෙනා සන්තකව ඇමොනියම් නයිට්‍රේට් නම් රසායනික පොහොර වගයක් සහ බෝම්බ පුපුරවන ඩෙටොනේටර හා රැහැන් ද තිබී ඇත. මෙම සිරභාරයට ගැනීම කොට ඇත්තේ පසුගිය අඟහරුවාදා සෙල්වම් නැමැති කොටි ත්‍රස්තයා දුන් තොරතුරු මත බව පැවසේ. මේ අනුව පසු ගිය සතිය තුල කොටි ත්‍රස්ත ක්‍රියාකාරීහු දස දෙනෙකු ඉන්දියාව තුල දී අත්අඩංගුවට පත් ව තිබේ.
8/7/08
7/22/08
කොටියෝ විරාමයක් ඉල්ලති
දෙමල කොටි ත්‍රස්තයෝ තනි පසෙකින් සටන් විරාමයක් පල කර සිටිති. මෙවර ඔවුන් ආවරණයට ගෙන ඇත්තේ සාර්ක් සමුළුවයි. මොවුන්ගේ මේ ආවරණ ගැනීම කවදා නතර වේවිද? යුද්ධයේදී ඔවුන් අහිංසක සිවිල් ජනයා ආවරණයට ගනී. මුදල් රැස්කීරීමේදී රාජ්‍ය නොවන සංවිධාන ආවරණයට ගනිති.
මෙම විරාමයෙන් ඔවුන් කියන්නේ කුමක්ද? ඔවුන් සාර්ක් සමුළුවට සුභ පතන බවද? කලාපීය ත්‍රස්තවාදයට වැට බැඳුමට එක් වන සාර්ක් සමුළුවට කොටින්ගෙන් සුබ පැතුම්!
කොටින්ගේ විහිළු නවතින දා කවරදා ද?
මෙම විරාමයෙන් ඔවුන් කියන්නේ කුමක්ද? ඔවුන් සාර්ක් සමුළුවට සුභ පතන බවද? කලාපීය ත්‍රස්තවාදයට වැට බැඳුමට එක් වන සාර්ක් සමුළුවට කොටින්ගෙන් සුබ පැතුම්!
කොටින්ගේ විහිළු නවතින දා කවරදා ද?
7/16/08
ත්‍රස්වාදයට උඩගෙඩි දීම ගැන ඔස්ට්‍රේලියානුවෙකු අත් අඩංගුවට
මෙල්බො(ර්)න් වෙළඳ පාසලේ අධ්‍යක්ෂකයෙකු දෙමළ කොටි හා සම්බන්ධකම් පැවත්වීම ගැන ඇමරිකානු බලධාරීන්ගේ ඉල්ලීම උඩ ඔස්ට්‍රෙලියානු පොලිසිය විසින් සිරභාරයට ගෙන ඇත. "The Australian" පුවත් පත පැවසුවේ තුලසිදරන් සන්දිරරාජා නැමැති 34 හැවිරිදි මොහුව ඇමරිකාව කරා යැවීමට නියමිත බවය.
තවද මෙල්බො(ර්)න් ජාත්‍යන්තර පාසල හැරුනකොට නැරේ වොරන්, ඩන්‍ඩෙනොන්ග් සහ ලිස්ටර්ෆීල්ඩ් යන පෙදෙස්වල වෙලෙඳ ආයතන 5ක්ද ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් වටලන ලද බව මෙම පුවත් පත පවසයි.
ශ්‍රී ලංකාවට සටන් කිරීමට සිදුව ඇත්තේ හුදු යුඳ පෙරමුණෙහි පමණක් නොව මෙවැනි මුළු ලොව පුරාම විසිරී පැතිරී ගිය අති විසල් ත්‍රස්ත ජාලයක් සමඟ බව මෙයින් පැහැදිලිය. ඇත්තෙන්ම මෙම යුද්‍ධය මෙහෙයවනු ලබන්නේ ඔවුහු වෙති. නමුදු පෙරමුණෙහි මිය යන්නේ අහිංසක දෙමළුන්ගේ දරුවන් වේ. ගුවන් විදුලි සංස්ථාව (රෙදෙව් සංස්ථාව) විසින් විකාශණය කෙරෙන "ඉතායවීනායි" වැඩසටහන අසනු ලැබුවහොත් පොඩ්ඩු අම්මාන්ගේ ගුහාවට ගෙන යන දෙමළුන්ගේ නිදහස වෙනුවෙන් සටන් වදින සංවිධාන කොටින්ගෙන් අසරණ දෙමළුන් බේරා ගන්නේ කවදාද?

7/14/08
මරන්නා සහ මැරෙන්නෝ

හිට්ලර්ගේ නාසි වාදයෙන් මිය ගියෝ කොපමණද? ඒ නාසි වාදය ගැන ගුණ වනන්නෝ දැන් කොහි වෙත්. එපරිදින්ම කොටි නාසි වාදයෙන් මියෙන්නෝ සහ මිය ගියෝ කොපමණ වෙත්ද? කොටි ත්‍රස්තයන් තහනමට ලක් කළ ඉංගිරිසි රටේම පැවති කොටි හිතවාදි රැලියක පින්තූර දුටු මා හට සිතුනේද එයමැයි. මේ රුදුරු සිතුවිලි තව කෙතරම් ජීවිත බිලි ගනු ඇත්ද? තව කොපමණ දෙනෙකුට උන් හිටි තැන් අහිමි වනු ඇතිද? මෙතෙක් කල් පුද කළ ජීවිත වලින් මේ මෝඩ කොටි ලබා ඇත්තේ කුමක්ද? උන් සැමදා මිය ගිය අය ගැන ගී ගයමින් ඔවුනගේ පින්තූර වලට පහන් පත්තු කරමින් සිටිනු ඇත. කුඩා වුන්ගේ සෙල්ලම් පිටියේ ඔංචිලි වලට තුවක්කු වල අනුරූ සවි කරනු ඇත. ඔබ තමයි නිභ
ය කොටියා යැයි කියනු ඇත. ඇත්ත දැන ගැනීමට මැදි වියක් ඔවුහු නොලබනු ඇත. හැත්තෑ හැවිරිදි අයෙකු වුවද, පොල්ලක් ගෙන රැකවෙලහි යොදවනු ඇත. පාසලෙහි, වැඩපොලෙහි, කඩපොලෙහි පොඩ්ඩු ගේ රහස් ඔත්තු කාරයෝ රැදී, ඇගේ අමාරුවට පාලනයට දොස් කිවහොත්, දස වද දී ප්‍රශ්න කරනු ඇත.නමුත් ලන්ඩනයේ සිටින මොවුහු කුමක් දනීද? ඔවුන් ගේ කුඩා දරුවාගේ මුහුණේ කොටි මුහුණක් ඇඳගෙන ආ මේ මව්පියෝ මේ දරුවා බලහත්කාරයෙන් ගෙන ගොස් යුධ පෙරමුණට දමනට ඉඩ දෙනු ඇතිද? නාසි වාදයෙත්, ඊලාම් වාදයේත් වෙනස කිම?
7/11/08
ත්‍රස්ත කොටින්ට අවිජාවාරම් කළ ඉන්දුනිසියානු යුද්‍ධ හමුදා ජෙනරාල් හිරේ
විශ්‍රාමික ඉන්දුනිසියානු මැරයින් බලකායේ ජෙනරාල් වරයෙකු අවුරුදු 30කට හිරේ ගියේ අමෙරිකානු ආණ්ඩුව ත්‍රස්තයන් යැයි තහනම් කොට ඇති දෙමල කොටි උදෙසා ඩොලර කෝටි ගණන් වටිනා අධි-සිල්පීය අවි ජාවාරමක් බැල්ටිමො(ර්)හිදී මෙහෙයවීම සබඳිවයි.
එරික් වොටුලෝ නැමැති 61 හැවිරිදි මෙම මහමොලකරුවා ඇමරිකානු දිස්තිරික්ක නඩුකාරිනියක වන කැතෙරින් සී බ්ලේක් විසින් පෙඩරල බන්ධනාගාරය වෙත යවනු ලැබිණි.
එරික් වොටුලෝ නැමැති 61 හැවිරිදි මෙම මහමොලකරුවා ඇමරිකානු දිස්තිරික්ක නඩුකාරිනියක වන කැතෙරින් සී බ්ලේක් විසින් පෙඩරල බන්ධනාගාරය වෙත යවනු ලැබිණි.
7/9/08
වවුනිමාවේදී ගැටී ත්‍රස්ත කොටි 8ක් මරුමුවට, තව 10ක් තුවාලයි
වවුනිමාවේ පලාමොටේ පෙදෙසේදී ලඞ්‍කා බළමුළු සමඟ ගැටී අසරණ කොටි 8ක් මියගොස් 10ක් පමණ තුවාල වී ඇති බව සැලය. ජුලි නම වෙනිදා උදයේ 7 පැයට පමණ මෙම ගැටුම ඇරඹී ඇති අතර එය සවස 1600 පැය පමණ දක්වා දිගු වී ඇත.
නවතම ආරංචි පවසන්නේ කොටි බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පෙදෙසෙයන්හි වයස 50 දක්වා දිවෙන සියළුම අයවලුන් දින 10ක පුහුණුවකට යටත් විය යුතු බවය. තවද දැන් 1990 ඉපැදුනු සැවෝටම ත්‍රස්තයන් සමඟ එක් විය හැකි බැව් ඔවුන් පරසිඳු කොට තිබේ. එබැවින් ගෙන් ගෙට පැන බලහත්කාරයෙන් අසරණ දරුවන් පැහැරගෙන යාම කඩිනම් කොට තිබෙන බවක් ආරංචි මඟවල් පවසති. පුහුණුවට ගිය පසු පැන යාමේ අදිටන් ඇතිව මොවුන් කොටින් සමඟ ගියත් පසුව සිදුවන තද මොල සේදීමේදී මිනිසත් දිවිය ප්‍රාණය ඇතිව තොරවෙයි. "නුඹ මෙහි පැමිණ ඇත්තේ දැය උදෙසා දිවි දීමටයි. නුඹ අද නොමලත් තව සති ගණනකින් කෙසේ වෙතුදු මැරීමට නියමිතයි. එබැවින් ඇයි දැන් නොමැරෙන්නේ?"
මේ දිනවල වැඩියෙන් මිය යන්නේ මෙලෙස බලහත්කාරයෙන් බදවාගත් අසරණයෝය. තුවාල වූවන් කළු වීදුරු සහිත රිය මඟින් ගිරානික්ක (කිලිනොච්චි) රෝහලට ගෙනැවිත් දමති. යන්තම් කොර ගහමින් ඇවිදිය හැක්කෝ ගෙන ගොස් නැවත යුධ අගල් වල දමති.
එබැවින් මෙවැනි දුක්බර දිවිගෙවන පැන යා නොහැකි කොටියෝ අසරණයෝ ලෙස හැදින්වීමද වැරදිද?

7/8/08
කොටි හපුයියෝ අසරණ ගොදුරු ගන්නායුරු
ඌරන් සහ හරකුන් මැරීමට උන් මෝරන වසය එනතෙක් බලා හිදින මස් මරන්නා මෙන් කොටියෝ ද අවුරුදු 17 පිරෙන තෙක් ලමයින් සිටින නිවෙස් වට කැරකැවෙමින් සිටින බව කියැවේ. අවුරුදු 17 පිරී දවස් දෙක තුන ගත වෙද්දී කොටියෝ ගෙට වදිති. බලහත්කාරයෙන් යුඳට ගෙන යති. මෙම අසරණ දරුවන් ගේ මළ කදන් ගනන් කරමින්, ඒ ගැන සිංදු හදමින් උදම් වන්නේ දැයට ආදරැති මොන නායකයාද? මොන දෙමව්පියන්ද? ඔබේ දරුවා බලහත්කාරයෙන් ගෙදරින් අරන් ගියහොත් මොන තරම් වේදනාවක් ඔබට ඇති වේද? ඒ හැඟුමට ජාතියක් නැහැ නේද?
පසුපති නැමැති ග්‍රාම නිළධාරියා කොටින් ට කීවේ තමාගේ දූ වරු දෙදෙනා රැගෙන නොයන ලෙසය. ඒ වෙනුවට ඔහුට කොටින් හා එක් විය හැකි බැව් කීවේය. රුදුරු කොටියෝද එකඟ වූහ. ඔහු සංවිධානයට බැදුනු පසු ඔහුගේ දූ වරුද කොටින් පැහැර ගත්හ. එපමණක් නොව "අර බලන්න! කෙතරම් උගත් රජයේ නිලධාරියෙකු වන පසුපතිට ත් අප හා එක් වීමට හැකි නම් ඇයි උඹට බැරි?" යැයි තවකෙකුගෙන් ඇසීමට අවස්ථාවක්ද කොටියෝ ඇති කර ගත්හ.
(ඇසුර යාපනය සරසවි ඇඳුරන්ගේ මනුස්ස අයිතීන් පිළිබඳ එකතුව)

Subscribe to:
Posts (Atom)